රුසියානු ආරක්ෂක මණ්ඩල ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය

රුසියානු ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය

රුසියානු ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවට 2022 පෙබරවාරි 19වන දිනට 65 වසරක් සපිරේ. නිකොලායි මහතාගේ මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිකොලායි මහතා මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍ර 5,000ක ප්‍රදානය හා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රුසියාව ලබාදුන් සහායත්, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුසියානු ජාතිකයින් 49,379 දෙනෙකු පසුගිය වසරේ මෙරට සංචාරය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

රුසියානු ජීඑස්පී (GSP) ක්‍රමය යටතේ සිදුකරන අපනයන නිෂ්පාදන පුළුල් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. කොළඹ වරාය නගරය, බලශක්ති, ඖෂධ නිෂ්පාදන, තොරුතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්ත සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

මෙරට රුසියානු තානාපති යූරි මටෙරි (Yury Materiy), රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඇලෙක්සැන්ඩර් වෙනෙඩික්ටොව් (Aleksander Venediktov), ඕලෙග් ක්රාමොව් (Oleg Khramov), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *