මහා භාණ්ඩාගාරය දැනුවත් නොකර ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති 2 සහ යුරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක්

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකර ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මෙම අනාවරණය සිදු වී ඇත්තේ 2017, 2018, 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය. මෙහිදී අමෙරිකානු ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති තුනක් සහ යුරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක් මෙලෙස සෘජු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇත.

කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව එහිදී හෙළි වේ තිබේ.

ඒ අනුව, ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම් සහ වියදම් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *