(VIDEO) දැන් පඩි වැඩිකරන්න බෑ. රජයේ සේවකයින් තව අවුරුද්දක් හමාරක් ඉවසාගෙන ඉඳියි – කෙහෙළිය

රටේ පවතින තත්වය අනුව මේ මොහොතේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පෙරේදා දින (17) බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

“රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව මේ වෙලාවෙ බලාපොරොත්තු වෙන්නෙ නෑ අපි. තියෙන තත්වයත් එක්ක රජයේ සේවකයින්ට පවා – මතක තියාගන්න ඕනෙ අපි ලක්ෂ 15ක් විතර ඉන්නවා රජයේ සේවකයො – අවුරුදු දෙකක් අපි ප්‍රොඩක්ටිවිටි එකක් නැතුව අපි ඒ අයගේ රුපියලක්වත් අඩු කරපු නැති රටක්. මතක තියාගන්න පෞද්ගලික අංශයට පවා අවම අපි – රුපියල් 14500ක් කියන්නෙ මාසෙකට ගාණක් නෙවෙයි – නමුත් ඔවුන්ට යන්තම් ජීවිතය ගැටගහගෙන ඉන්න හරි වැඩපිළිවෙලක් හැදුවා අපි. ඉතිං ඒ නිසා මං හිතනවා රජයේ සේවකයින් මේ අවස්ථාවේදී – ඔවුන්ට අමාරුකම් තියෙනවා තමයි, නැතුවා නෙවෙයි – ඒ සියලු දේ එක්ක ඔවුනුත් මේ රටේ මේ තියෙන තත්වය තේරුම් අරන් තව අවුරුද්දක් හමාරක් ඉවසාගෙන ඉඳියි කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *