ඉන්දියාවේ ගොවි ජනතාව ජය ගනී; මෝදි නව කෘෂි නීති 3ක් අවලංගු කිරීමට තීරණය කරයි

ඉන්දියාවේ ගොවි ජනතාව ජය ගනී; මෝදි නව කෘෂි නීති 3ක් අවලංගු කිරීමට තීරණය කරයි

ඉන්දියාවේ ගොවි ජනතාව ජය ගනී; මෝදි නව කෘෂි නීති 3ක් අවලංගු කිරීමට තීරණය කරයි

ඉන්දියාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හදුන්වා දුන් මතභේදාත්මක නීති 3ක් අවලංගු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් සහ පන්ජාබ්හි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය නිවේදනය කිරීම විශේෂත්වයක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දීය රජය හදුන්වා දුන් නව නීතින්ට අනුව පෞද්ගලික අංශයට කෘෂිකාර්මික අංශය තුළ ඇති දායකත්වය පුළුල් වීමෙන් ගොවි ජනතාවට අසාධාරණයක් සිදුවන බවයි ගොවි සංවිධාන පෙන්වා දුන්නේ. ඊට එරෙහිව පසුගිය වසර පුරා ඉන්දීය ගොවි ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් දැඩි විරෝධතාවයක් දැක්වූවා. පන්ජාබ් ගොවීන් දිල්ලි අගනුවර වට කරමින් පවත්වනු ලැබූ විරෝධතා ජාත්‍යන්තරයේද අවධානයට ලක්වුණා. මෙලෙස තමන් රැගෙන ආ නීතින් හකුලා ගැනීමට සිදුවීම ඉන්දීය රජයේ පසුබෑමක් ලෙසයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ මස අවසානයේදී ඇරඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී නීති 3 අවලංගු කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියා.

තමා සියලුම ඉන්දීය ගොවීන්ගෙන් සමාව අයදින බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *