ඊජිප්තුවේ පැවති ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී ශ්‍රී ලංකාවට සම්මානයක්

ශාම් අල් ශේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී ශ්‍රී ලංකාවට සම්මානයක්

ශාම් අල් ශේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී ශ්‍රී ලංකාවට සම්මානයක්

සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ අන්ටචඩ් වේදිකා නාට්‍ය ඊජිප්තුවේ පැවති ශාම් අල් ශේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී ඒකපාත්‍ර අංශයේ හොඳම නාට්‍ය ලෙස තේරී පත්ව තිබෙනවා.

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ, ශාම් ෂේක් නාට්‍ය උළෙල තරගකාරී අංශ හතරක් යටතේ පැවති උළෙලක් වන අතර, එහි අංශ ලෙස වීදි නාට්‍ය, විශේෂිත අවකාශ නාට්‍ය, කණ්ඩායම් නාට්‍ය සහ ඒකපාත්‍ර නාට්‍ය යන අංශවලින් රටවල් 21ක සහභාගීත්වයෙන් පැවැත්වුණා. “අන්ටචඩ්” නාට්‍ය නියෝජනය කරන ලද්දේ ඒකපාත්‍ර නාට්‍ය අංශයයි.

එහිදී එම අංශය සඳහා පිරිනමන එකම සම්මානය වන මොහොමඩ් සයිෆ් අල් අෆ්කාම් නම් සම්මානය ශ්‍රී ලංකාව නියෝජනය කළ “අන්ටචඩ්” නාට්‍යය හිමිකර ගෙන තිබුණා.

මෙම උළෙල සඳහා අයදුම්පත් 302ක් ලැබී ඇති අතර, එයින් අවසන් වටය සඳහා නිර්මාණ 21ක් තෝරාපත් කර ගෙන තබූ අතර “අන්ටචඩ්” නාට්‍ය සඳහා රංගනයෙන් සුබුද්ධි ලක්මාලි දායක වන අතර, රංග වින්‍යාසය හා පසුතල එම්.සෆීර් දායකත්වය දැක්වුවා.

සංගීතය සාගර විජේසිංහ නිර්මාණය කර තිබු අතර රංගාලෝකනය වසන්ත කුමාර සහ සුජීව පතිනිසේකර විසින් සිදුකළා.

වේදිකා කළමනාකරණය නිරෝෂ් කවිරත්න, එම්.ශාරෆ් සහ එම්.සෆ්රා විසින් සිදුකර ඇති අතර රචනය හා අධ්‍යක්ෂණය සුජීව පතිනිසේකර විසින් සිදුකර තිබේ. ඉදිරිපත් කිරීම ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *