රාජ්‍ය මාධ්‍ය නූතනත්වයේ අභියෝගයන් භාරගෙන ඉදිරියට යා යුතුයි – ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

21 සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම්

21 සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම්

රාජ්‍ය මාධ්‍යවලට, පෞද්ගලික නාලිකා කරන සියල්ල කළ නොහැකි නමුත්, ඔවුන් පවතින සීමා තුළ නූතනත්වයේ අභියෝගයන් භාරගෙන ඉදිරියට යා යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

නූතන ඉලක්ක හඹා යායුතු බව කී ඇමතිවරයා රාජ්‍ය මාධ්‍ය අපිට තිබෙන්නේ සංවර්ධන පුවත් පමණක් බවට වන රාමුවක් හදාගෙන ඇතැයි සඳහන් කළේය. කිසිම ආයතනයකට නූතන දර්ශක භාවිතා නොකර අපි උත්තමයි කියා සිතිය නොහැකි බව කී ඇමතිවරයා උත්තමභාවය ඇත්තේ නූතන දර්ශක තුළ බවද කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි ස්වාධීන රූපවාහිනී නව එච්.ඩී මැදිරි සංකීර්ණයේදී (15) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

“ආයතනයක, පවුලක, දේශපාලනඥයකුගේ, කලාකරුවකුගේ වසර 25ක සැමරුමල නැතිනම් රිදී ජුබිලිය සමරන්න ක්‍රමවේද රාශියක් තිබෙනවා. රටේ ප්‍රධාන නාලිකාවක් විදියට ලක්හඬ 25වන සංවත්සරය සැමරිය යුතු ආකාරය ගැන මගේ යෝජනාව ඔබට ඉදිරිපත් කළොත් එහි ක්‍රමවේද තුනක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඉතිහාසයට ගරු කිරීමයි. දෙවැන්න වර්තමානගේ ගැටලු හඳුනාගැනීමයි. තුන්වැන්න අනාගතය වෙනුවෙන් ඒ අභියෝගය භාරගැනීම සහ අභියෝගයට ප්‍රේම කිරීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සැමරීමක් කළ හැක්කේ මේ අදියර තුන හරහා පමණයි.”

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ලක්හඬ නිර්මාතෘ නිව්ටන් ගුණරත්න, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, සුදත් රෝහණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *