මගේ සාක්ෂිය විමර්ශනය කළා නම් සරත් වීරසේකර දැන් ඉන්න ඕනේ හිරේ – ෂෙහාන් මාලක

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් සාක්ෂිය විමර්ශනය කළා නම් මේ විට සරත් වීරසේකර මහතා සිටිය යුත්තේ හිරේ බව සිවිල් ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා (15) වන දින සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

සරත් වීරසේකර මහතා පාස්කු ප්‍රහාරයට සෘජුව වගකිවයුත්තෙක් බව තමන් පැහැදිලි ලෙසම ප්‍රකාශ කරන අතර ඊට අදාළ සාක්ෂිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ද ෂෙහාන් මාලක මහතා ප්‍රකාශ කළේය.

යුක්තිය පසිඳලන ආයතනවලින් ඉල්ලා සිටින්නේ එකහා සමානව සියලු දෙනාටම එකහා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස යැයිද ඔහු සඳහන් කරන ලදී.

”මේ වෙද්දී සිවිල් සමාජය නැගිටලා ඉවරයි. තරුණ සමාජය නැගිටලා ඉවරයි. කවුරුහරි හිතනවා නම් තමන්ගේ මාධ්‍ය බලය පාවිච්චි කරලා,මිලිටරිකරණය පාවිච්චි කරලා යටපත් කරන්න පුළුවන් කියල එහෙම කරන්න බැහැ. එදා කිව්වා වගේ අදටත් කියනවා. අපි බය දෙවියන්ට විතරයි. සුරේෂ් සලේ මහත්තයට හෝ මේ රටේ බුද්ධි අංශ වලට හෝ අපිව යටපත් කරන්න බැහැ. මම මේකත් කියනවා පැහැදිලිවම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා ආමි මොහිදීන්,පොලිස් පායිස් මොහොමඩ් නියාස් ඒවගේම සහරාන්ගේ මස්සිනා අන්සාර් ගැන. කවුද මේගොල්ලෝ. බුද්ධි අංශ නිලධාරීන් නෙවෙයිද? බුද්ධි අංශ එක්ක සම්බන්ධකම් තිබුණේ නැද්ද? තොරතුරු සපයන්නන් විදිහට පාවිච්චි කළේ නැද්ද?”

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහාරන්ගේ බිරිඳ හාදියා විසින් ලබාදුන් සාක්ෂියක් මේ වන විට වතිකානුව වෙත ලැබී ඇති බවද ඔහු කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *