කොලඹ වරායේ නැගෙනහිර ජැටිය පවරාගත් ගෞතම් අදානිව ඇමරිකන් බැංකුව අත්හරී

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන අදානි ආයතනයේ ගල් අඟුරු ආකරයට මින්පසු මූල්‍ය ණය නොදෙන බවට නිව්යෝර්ක් මෙලාන් කෝපරේෂන් බැංකුව දන්වා ඇත. ඉන්දියාවේ බලවත් වෙළඳ ව්‍යාපාරිකයන් අතරින් කෙනෙකු වන ගෞතම් අදානිට අයත් ගල් අඟුරු ආකරය ඕස්ට්‍රේලියාවේ උතුරු කුයීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගොඩනගමින් පවතී.

“ගල් අඟුරු කැණීමේ ව්‍යාපෘතිය අදානි අතහැරිය යුතුයි. එතෙක් අපි අඛණ්‌ඩව උද්ඝෝෂණ පවත්වන්නෙමු” යැයි එහි සිටින මුල් පදිංචිකරුවන් අඛණ්ඩ උද්ඝෝෂණවල නිරත වෙමින් සිටින පසුබිමක, මෙවසරේ අප්‍රේල් මැයි මසවල ‘භූමි සටන’ මෙන් තව තවත් උද්ඝෝෂණ මාලාවක් පැවැත්විය.

ඉන් අනතුරුව කාර් මයිකල් ගල් අඟුරු ආකරය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ විවිධ බැංකු සහ මුල්‍ය ආයතන ඉන් ඉවත් විය. නිව්යෝර්ක් මෙලාන් කෝප් බැංකුවයි ඉන් එකක් වේ. එම බැංකුව නිකුත් කර ඇති නිවේදනයක “අදානි සමඟ ඇති සියලුම ගනුදෙනුවලින් තමන් ඉවත් වන බවත්, ඕස්ට්‍රේලියාවේ පිහිටි අදානි ආයතනය සමඟ මින්පසු කිසිඳු ගනුදෙනුවක් අප සිදු නොකරන බවත්” එහි සඳහන් ය.

අදානි ආයතනය තම ඕස්ට්‍රේලියානු ගල් අඟුරු ආකරයේ සිට පළමු අපනයනය මෙවසර අගදී යැවීමට සැලසුම් කර තිබිණි. මෙම කාර් මයිකල් ගල් අඟුරු ආකරය මඟින් වර්ෂයකට ගල් අඟුරු ටොන් මිලියන 10 ක් ලබා ගත හැක. එමෙන්ම එම බැංකුව ඕස්ට්‍රේලියාවේ පිහිටි අදානි ගල් අඟුරු ආකරයට කිසිඳු නව ගිවිසුමක් සඳහා එකඟත්වයක් පළ නොකළ බවත්, ඒ සඳහා සහභාගී වීමට අකැමැති බවත් ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *