Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය (11) වැඩ භාරගැනීමට නියමිතය.

ඒ (11) විවෘත වන ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි.

මෙම පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහත අතින් (11) පස්වරු 4.00ට විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය එම ධූරයේ රාජකාරී භාරගනු ඇත.

කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට 1997 වසරේදී එක්වූ කාංචනා සමරකෝන් මහත්මිය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර ඇත.

කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අතර ඇය දෙදරු මවකි. හෙම්මාතගම ප්‍රදේශයේ උපන් ඇය කෑගලු බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

මීට පෙර කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් පත්ව ඇත්තේ මීට වසර 24කට පෙර එනම් 1997 වසරේදී වන අතර ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කටයුතු කළ පද්මිණි මහත්මියයි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *