මුහුදු මාර්ගයෙන් රට පනින්න හැදූ 19 ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී (9) පෙරවරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රි ලංකා නාවික හමුදාව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතර වෑන් රථයේ රියදුරු සහ සහයක ඇතුළු පිරිමි පුද්ගලයන් 16 ක්, කාන්තාවක්, පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙක් සිටින බවත් නාවික හමුදාව පවසයි.

එම පුද්ගලයන් කිලිනොච්චිය, යාපනය, වත්තල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව මේ පිළිබඳව වැඩි දුර විමර්ශණ කරන බවත් නාවික හමුදාව කියයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *