වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා තවත් ඉහළට
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා තවත් ඉහළට
වෙනිසියුලාවට වෙත බලපෑ ප්‍රබල භූකම්පනයෙන් පසු අද (27) දිනයේ රික්ටර් මාපකයේ 4.9ක ප්‍රබලත්වයෙන් යුත් තවත් පසු කම්පනයක් වාර්තා වී තිබේ.
මෙම භූකම්පනයද උතුරු වෙරළ තීරය ආශ්‍රිතව සිදුව ඇති අතර, පසුගිය බදාදා රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් හටගත් ප්‍රධාන භූකම්පනයෙන් පසු මේ වන විට පසු කම්පන 214ක් වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ප්‍රධාන භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 920 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 3,360කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. එමෙන්ම 243 දෙනෙකු ජීවිත බේරාගෙන ඇති බවද සඳහන් වේ.
වැඩිම හානිය එල්ල වී ඇත්තේ ලා ගුවයිරා ප්‍රදේශයට වන අතර, කැරකස් ඇතුළු උතුරු ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇත.
තවත් පිරිසක් අතුරුදන්ව සිටින අතර, ඔවුන් සොයා සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. ඒ සඳහා ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම් රැසක්ද වෙනිසියුලාවට පැමිණ තිබේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. භූකම්පනය හේතුවෙන් යටිතල පහසුකම් සපයන ස්ථාන 1,000කට වැඩි සංඛ්‍යාවකටද හානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් රෝහල් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද සඳහන් වේ.






