ජනතාව රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තා බැලීමෙන් බෝම්බ ගැසිය යුත්තෙ කාටද යන්න සොයාගත හැකි – දයාසිරි

දයාසිරිට තහනම් නියෝගයක්

දයාසිරිට තහනම් නියෝගයක්

මන්ත්‍රීවරුන් 225ට බෝම්බ ගැසිය යුතු යැයි පවසන ජනතාවට රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තා බැලීමෙන් බෝම්බ ගැසිය යුත්තෙ කාටද යන්න සොයාගත හැකි බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම වසරේ ජූලි 20, ඔක්තෝම්බර් 06 සහ 07 යන දිනයන් හී රජයේ ගිණුම්කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා ත්‍රිත්තවයකට අදාලව (09) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඒ අනුව මෙම ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාවට (කෝපා) බලය ලබා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේ වාර්තා ටික දිහා බලපු කෙනෙක් විතරයි දන්නේ ලංකාවේ සිදුවෙන හොරකම් ප්‍රමාණය කොච්චරද කියලා. හැමදාම මේ රටේ මිනිස්සු බනින්නේ දේශපාලඥයන්ට. ඒත් මේ වාර්තා ටික කියෙව්වොත් මේ රටේ මිනිස්සු දේශපාලඥයන්ට බනින එක පැත්තකින් තියලා මේ රටේ නිලධාරීන්ට ඉලපතෙන් තලන දවස වැඩි ඈතක නෙවෙයි.

මොකද හේතුව හැමදාම දේශපාලඥයාව අල්ල ගන්න බොම්බ ගහන්න ඕනි කියන මේ රටේ ජනතාව කියන්න කැමතියි කරුණා කරලා මේ පොත් ටික කියවන්න. මේ පොත්ටික කියෙව්වම බොහොම පැහැදිලිව පේනවා බෝම්බ ගැසිය යුත්තේ කාටද කියලා. මේවා දවස ගානේ අපි කතා කරනවා. අවුරුදු ගානක වාර්තා තිබෙනවා. ගත්ත පියවරක් හොය ගන්න නැහැ. ප්‍රධාන කාරණයක් ලෙස රෙගුව ගැන ගන්නවා. රේගු නිලධාරීන් බඩු ටික එළියට යවනවා. එලෙස බඩු එළියට යවලා සද්ද නැතිව ඉදලා ඉන්පසු ඒක වටලනවා. වටලලා ඔවුන්ගේ ගාස්තුව ලෙස බිලියන ගානක් අරගන්නවා. මේක සෙල්ලමක් විදියට දිගින් දිගටම සිදු වුණා. කවුද මේවා කෙරුවේ. මේවා මේ දේශපාලඥයන් කරපු ඒවාද නෑ. මේ රටේ රාජ්‍ය නිලධාරීන් මේවා කරලා තිබෙන්නේ. ඒකයි මම කිව්වේ පාර්ලිමේන්තුවට ‌බෝම්බ ගහන්න ඕනි කියන අයට මේක කියවන්න කියලා.

මේ සියල්ල සිදු වෙලා තිබෙන්නේ මේ රටේ නිලධාරී තන්ත්‍රයේ තිබෙන අසාර්ථක භාවය නිසා. මම මේ කාටවත් නිලධාරීන්ට චෝදනා කරනවා නෙවෙයි. සුලු නිලධාරීන් පිරිසක් කරන මේ අත්තනෝමතික ක්‍රියාවලිය තුල, තමන්ගේ රාජකාරිය ඉටු නොකිරීම තුල අවසානයේ බනින්නේ දේශපාලඥයන්ට.

ඇමතිවරයා පොඩි කෑල්ලක් හොරකම් කරනවා ඇති. ඊට වැඩිය දසදහස් ගුණයකින් හොරකම් කරන නිලධාරීන්ට වෙච්ච දෙයක් නෑ. හොයාගන්න තැනක් නෑ. දෙන දඬුවමකුත් නෑ. ඒ නිසා මම කියන්නේ කෝප් කමිටුවටත් කෝපා කමිටුවටත් බලය දෙන්න අපිට.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *