පසුගිය මාස කිහිපයේදී අතුරුදන් කාන්තාවෝ 1500ක් – පොලීසිය

පසුගිය මාස කිහිපයේදී අතුරුදන් කාන්තාවෝ 1500ක් - පොලීසිය
ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු(1500) පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය මාස කීපයේදී තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.
අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද වෙති. ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත.
මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති.
සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මේ තොරතුරු අනාවරණය වී ඇත.