යුරෝපය නැවතත් කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය විය හැකියි, ආසාදනය 55% කින් ඉහළට – ලෝක සෞඛ්‍ය සංවිධානය

හිඟව පවතින ඖෂධ 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වේ

හිඟව පවතින ඖෂධ 37ක් කඩිනමින් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වේ

යුරෝපය නැවතත් කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

යුරෝපා කලාපයේ කොරෝනා නිරෝධායන සීමාවන් සීඝ්‍රයෙන් ලිහිල් කිරීමත් ප්‍රමාණවත් ලෙස එන්නත් ලබා නොගැනීමත් හේතුවෙන් මෙලෙස යුරෝපයේ කොරෝනා වසංගතය යළි හිස එසවීමට හේතු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපය පිළිබද ප්‍රධානී හෑන්ස් ක්ලූග් පවසන්නේ. ලබන පෙබරවාරි මාසය වන විට යුරෝපා කලාපයෙන් තවත් කොරෝනා මරණ ලක්ෂ 5 ක් පමණ වාර්තා විය හැකි බවට ඔහු අනතුරු අගවනවා.

පසුගිය මාස කිහිපය තුළ යුරෝපයේ කොරෝනා එන්නත්කරණය මන්දගාමී මට්ටමක පැවති අතර එන්නත්කරණයේ අසමානතාවයන් ද බොහෝ ලෙස දක්නට ලැබූ බව හෑන්ස් ක්ලූග් පවසනවා. මෙම කලාපයේ රටවල් 53 කින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය සියයට 55 කින් ඉහළ ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *