ඩො. බිලියන 6කින් ලෝකයේ කුසගින්න නැති කළ හැකි බව UN ඔප්පු කළොත් TESLA කොටස් විකුණා මුදල් දෙනවා – එලෝන් මස්ක්

ඩො. බිලියන 6කින් ලෝකයේ කුසගින්න නැති කළ හැකි බව UN ඔප්පු කළොත් TESLA කොටස් විකුණා මුදල් දෙනවා - එලෝන් මස්ක්

ඩො. බිලියන 6කින් ලෝකයේ කුසගින්න නැති කළ හැකි බව UN ඔප්පු කළොත් TESLA කොටස් විකුණා මුදල් දෙනවා - එලෝන් මස්ක්

ලොව තුළ දරුණු අර්බුදයක්ව පවතින කුසගින්න, එක්සත් ජනපද ඩොලර් බිලියන 6කින් නිමා කිරීමට හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔප්පු කළ හැකි වේ නම්, තමන් එම අර්බුදයට විසදුමක් ලෙස තමන් සතුව ඇති Tesla මෝටර් රථ සමාගමේ කොටස් අලවි කර එම මුදල් ලබාදෙන බව එහි හිමිකරුවා වන එලෝන් මස්ක් පවසයි.

පසුගියදා ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂ ඩේවිඩ් බේස්ලි සමගින් සී.එන්.එන්. රූපවාහිනි නාලිකාවේදී පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

අද වනවිට ඔහ Tesla සමාගමට අමතරව SpaceX සමාගමේද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. ආසන්න කාලසීමාවේදී Tesla සමාගමේ කොටස් වටිනාකම ඉහළ යාම ඔහු අද වනවිට ලොව පොහොසත්ම පුද්ගලයා බවටද පත් කිරීමට දායක වී තිබේ. ඒ අනුව ඔහු මෙහිදී ලොව අතිශය පොහොසතුන් වෙත විවෘත ආරාධනාවක් කරමින්, ඉදිරියට පැමිණි ලෝකයේ මම කුසගින්න නිමා කිරීම සඳහා දායක වන ලෙසද ඉල්ලීමක් සිදුකර තිබේ.මෙම සාකච්ඡාවට පෙර සතියේදී ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා විසින් අද වනවිට ලොව අංක එකේ ධනවතුන් වත එලෝන් මස්ක් වෙත සහ ජෙෆ් බෙසොස් වෙත ප්‍රසිද්ධ අභියෝගයක් ඉදිරිපත් කරමින්

ලොව කුසගින්නේ පසුවන මිලියන 42ක් පමණ වන ජනතාවක් ඉන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 6ක දායකත්වයක් සිදු කරන ලෙස පවසා තිබුණි. මෙම මුදල අද දවසේදී මස්ක් සතු දළ වත්කමෙන් 2%කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *