LNG සැපයීමේ කොන්ත්‍රාත්තුව සමග ඇමරිකානු හමුදා කදවුරක් ලංකාවේ

ලංකාවට LNG සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකාවට ලබාදීම දීර්ඝ කාලීනව සිදු කළ කුමන්ත්‍රණයක ආරම්භයක් බව ශ‍්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

එය එපමණක් නොව ඇමරිකානු යුද කදවුරක්ද මෙහි පැවැත්වීමට හැකියාව මේ හරහා ලැබෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේය.

ඒ තත්ත්වය වර්ධනය වීමට ඉඩ දුනහොත් ලංකාව ඉදිරියේ මෙම අනතුර ද වර්ධනය වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකය පාලනය ඇමරිකාව අතට ගොස් සම්පූර්ණයෙන්ම එම් සී සී ගිවිසුම අත්සන් කළා හා සමාන තත්ත්වයට පත්වන බවද මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේය.

මෙරට යුගදනවි බලාගාරයේ කොටසක් සහ මෙරට LNG සැපයුම ඇමෙරිකානු සමාගමකට ලබා දීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *