එදා චිත‍්‍ර ඇන්ද තරුණයෝ කෝ ? පාස්පෝට් පෝලිමේ ඉන්නවද ?- පොහොට්ටු සමුළුවේදී මහින්ද රාජපක්ෂ

එදා චිත‍්‍ර ඇන්ද තරුණයෝ කෝ? පාස්පෝට් පෝලිමේ ඉන්නවද ?- පොහොට්ටු සමුළුවේදී මහින්ද රාජපක්ෂ

එදා චිත‍්‍ර ඇන්ද තරුණයෝ කෝ? පාස්පෝට් පෝලිමේ ඉන්නවද ?- පොහොට්ටු සමුළුවේදී මහින්ද රාජපක්ෂ

ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය පාලනය කරද්දී දේශපාලන කටයුතු අත නොහැරිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ගුරු වැඩ වර්ජනය මෑත කාලයේ මෙතරම් දුරදිග ගියේ දේශපාලන කටයුතුවලින් ඈත් වීම නිසා බවද ඒ මහතා පැවසීය. අද ගොවි උද්ඝෝෂණ වුවද මෙතරම් බරපතල විදියට ඇදී යන්නේ ඒ අය අතරේ වැඩ නොකරන නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සම්මේලනය (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අමතමින් අග්‍රාමාත්‍වරයා මෙසේ පැවසීය.

‘අපට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්වයක. මේ වගේ කාලවල නොකල වැරදි වලට වුවත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. අද ජනතාව විරෝධතා කලත්, පඹයන් පිච්චුවත් අපි ජනතාව අතරට යා යුතුයි. සමහර පක්ෂ වලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන් පක්ෂ කුඩා වෙන්න පුළුවන් ලොකු කුඩා නොවෙයි දේශපාලනය දී වැදගත් වෙන්නේ අරමුණයි වැදගත් වන්නේ.

මේ හැමෝම අපිත් එක්ක එක මග යන අය. අපේ දුෂ්කර අවස්ථාවල අපිත් එක්ක එක පිල හිටපු අය. ඒ කවුරුත් අපට ඈත් කරන්න බැහැ. එය අය අපේ ආධාරක නොවේ කිහිලිකරු නොවේ. ඒ අය අපත් එක්ක එකම අරමුණකට ගමන් කරන එකම අය. ඒ නිසා එ් සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕන. ඒ සමගිය රැකීම ප්‍රධාන පක්ෂ වන අපේ වගකීමක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදීම අපේ පක්ෂයට විශාල ආශිර්වාදයක් වුණා. මෙතෙක් ඡන්දපොළට නොගිය විශාල තරුණ පිරිසක් එතුමාව විශ්වාස කරලා අපට ඡන්දය දුන්නා. මට මතකයි අපි ජයග්‍රහණය කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුනන තරුණයන් තම නම් ගම් නොලියා චිත්‍ර ඇන්දා. ඒ අය රටට ආදරය කරන තරුණයන් ඔවුන්ට කාගෙවත් ඇනවුමක් තිබුණේ නෑ.
අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහෙද කියලා අපි දන්නේ නෑ. අද රට හැර යන්න පාස්පෝට් පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න ඕනා. ඔවුන් ඒ පාස්පෝට් පෝලිමේ ඉන්නවා නම් නැවතත් මෙරටට කැඳවා ගත හැකි අන්දමේ දේශපාලනයක අපි දෙන්න ඕනෑ. ඒක තමයි පොදුජන පෙරමුණේ අපට තියන ඓතිහාසික අනාගතවාදී කාර්යය’.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *