Type to search

දෙමටගොඩ චමින්දගේ සොහොයුරු දෙමටගොඩ රුවන් අත්අඩංගුවට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබු රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට සැකකරුව අද (30) ඉදිරිපත් කෙරුණි.

ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගියදා ඉන්දීය පොලීසිය විසින් සොයාගත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමඟ සැකකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත් බවද මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙම යාත්‍රාවේ තිබු සැටලයිට් දුරකථනයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටන දෙමටගොඩ රුවන් නැමැත්තාට මෙම හෙරොයින් තොගය යොමුකරන බවය.

“ඉන්දීය වෙරළ ආරක්ෂ නිලධාරින් විසින් පසුගියදා බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තා, ශාෂීලා දුව නැමැති බහුදින යාත්‍රාව. එහිදී හෙරොයින් 340kgක් සමඟ සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මෙම බහුදින යාත්‍රාවේ තිබී හමුවූ සැටලයිට් දුරකථනය ඔස්සේ විමර්ශනය කිරීමකින් අනතුරුව අනාවරණය වුණා ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට මෙම හෙරොයින් 340kg යොමු කරන බව. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ දී අනාවරණය වුණා මෙම හෙරොයින් 340kg දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රුවන් යන පුද්ගලයෙක් වෙත යොමු කරන බව. ඔහුගේ නම ලෙස සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත්  දෙමටගොඩ රුවන් වෙත මෙම හෙරෝයින් තොගය යොමු කර ඇති බව අනාවරණය වුණා. ඒ අනුව  විමර්ශනයේ දී තවදුරටත් තහවුරු වුණා මොහු විවිධ ජාවාරම්වල නිරතවන පුද්ගලයෙකු බව. ඒ වගේම මීට පෙර අවස්ථාවලදීත් මොහු විවිධ ආකාරයේ අපරාධවලට, මිනී මැරීම් වැනි අපරාධවලට සම්බන්ධ වු පුද්ගලයෙකු බවට තවදුරටත් අනාවරණය වුණා”.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජවාරමෙන් උපයා ඇති මුදල්වලින් මිලදී ගෙන ඇති අධි සුඛෝපභෝගී මෝටර් රථ 04 ක වටිනාකම රුපියල් ලක්ෂ 1,800 ඉක්මවන බවය.

දෙමටගොඩ රුවන් යනු මරණ දඬුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *