ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය හිමිවීම ගැන වෙනත් ජාතීන් හෝ කිසිවෙක් කලබල විය යුතු නැත – ඥානසාර හිමි

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය තමන්ට හිමිවීම ගැන වෙනත් ජාතීන්ට අයත් ජනතාව හෝ කිසිවෙක් කලබල විය යුතු නැතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

තම අතීත භාවිතාව නිසා ඇතැමුන්ට විවිධ විවේචන තිබිය හැකි නමුත් එම සියලු අරගල සිදුකළේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා බවත්, විවිධ නීති රීති නිසා මතුවන නරක නපුරු ආතතීන් ගැන කතා කරද්දී ඇතැමුන් එය වැරදියට තේරුම් ගත් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

තමන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරූ රාජකාරිය හරි ලෙස ඉටුවන්නේද යන්න ලැබී ඇති මාස හතරෙන් පසුව බලාගත හැකි යැයි කී ඥානසාර හිමියෝ එදිනට සියලු දෙනා එම වැඩපිළිවෙල වටා ඒකරාශි වනු ඇතැයි ද කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘එක රටක් තුළ එක නීතියක්’ නිර්මාණය කිරීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු එහි සාමාජිකයන් හා එක්ව නොපිරිහෙලා ඉටුකිරීමට බලාපොරොත්තු වන බව කී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රටේ අනාගත පරපුර ‘එක රටක්, එක නීතියක් එක ජාතියක්, එක කොඩියක් යටතට එකතු කිරීමට සමත් නීතිමය රාමුවක් ගෙනඒම තම අපේක්‍ෂාව බව ද සඳහන් කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *