එන්නත් සාධාරණව බෙදා හැරීමට සහයෝගීතා ශක්තිමත් කරන්න – G20

එන්නත් සාධාරණව බෙදා හැරීමට සහයෝගීතා ශක්තිමත් කරන්න - G20

එන්නත් සාධාරණව බෙදා හැරීමට සහයෝගීතා ශක්තිමත් කරන්න - G20

ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 16වැනි සමුළුව සාර්ථකව අවසන් වේ. බොහෝ රටවල නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහූ එම සමුළුවේදී දේශන පවත්වමින්, කොරොනා වසංගතයට මුහුණදීමට එන්නත් සාධාරණව බෙදා හැරීම සඳහා සහයෝගීතා ශක්තිමත් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ.

ලොව පුරා එන්නත් සාධාරණව බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතා ශක්තිමත් කරමින් ඌණ සංවර්ධිත රටවලට එන්නත් ලබා දෙන ලෙස ජී20 කණ්ඩායමේ වාරික සභාපති රට වන ඉතාලියේ අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගි මහතා මෙවර සමුළුවේ සමාරම්භක උත්සවයේදී ඉල්ලීමක් කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වීඩියෝ මගින් එයට සහභාගී විය. එන්නත් සහ එන්නත් සහතික අන්‍යෝන්‍ය ලෙස පිළිගැනීම යන ගැටළුව හැකි ඉක්මනින් නිරාකරණය කරන ලෙස හෙතෙම ජී20 කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගීතා ශක්තිමත් කිරීමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යභාරය ඉටු කිරීමේ වැදගත්කම් හෙතෙම සිය දේශනයෙන් අවධාරණය කළේය.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා අවධාරණය කළේ ජී20 කණ්ඩායමේ මූලික කාර්යය වනුයේ කොරොනා එන්නත් වේගවත්, සාධාරණ සහ ගෝලීය වශයෙන් බෙදා හැරීම ප්‍රවර්ධනය කළ යුතු බවයි.

විවිධ රටවල් පොදු ඉරණමෙන් හා පොදු ප්‍රතිලාභයෙන් බැඳුණු පොදු ප්‍රජාවක පැවතීම, නව කොරොනා වසංගතය විසින් මානවයන්ට අවබෝධ කරවූ බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුව අමතමින් පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවල අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, එම රටවල ජනතාවට වාසි සහගත වීම පමණක් නොව, සමස්ත මානවයාගේත් පෘථිවියේත් අනාගතය හා ඉරණමට ද දැඩි ලෙස සම්බන්ධ වන බව හෙතෙම කීය. චීනය විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන යෝජනා, එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යායපත්‍රයට සමීපව සම්බන්ධ කර ගෙන එමගින් ගෝලීය සංවර්ධන ව්‍යායාමය පොදුවේ ඉදිරියට මෙහෙයවනු ඇති බව ෂී ජින්පිං මහතා පවසා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *