ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට එල්ල වන තර්ජන වලක්වන්න නම් අපිව පිළිගන්න – තලේබාන් සංවිධානය

ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට එල්ල වන තර්ජන වලක්වන්න නම් අපිව පිළිගන්න - තලේබාන් සංවිධානය

ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට එල්ල වන තර්ජන වලක්වන්න නම් අපිව පිළිගන්න - තලේබාන් සංවිධානය

ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට කිසිදු තර්ජනයක් එල්ල නොවීමට නම් ලෝක ප්‍රජාව අනිවාර්යයෙන්ම තම පාලනය පිළිගත යුතු බව තලේබාන් සංවිධානය පවසනවා.

තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසන්නේ ලෝක ප්‍රජාව විසින් තමන් ඇෆ්ගනිස්තානයේ පාලකයන් ලෙස පිළිගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි. එසේ නොවන තාක් තමන්ට ඇෆ්ගනිස්තානයෙන් ලෝකයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් වන වගකීම භාරගත නොහැකි බවද ඔහු අවධාරණය කරනවා.

තලේබාන් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසන්නේ තලේබාන් සංවිධානය පිළිනොගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පමණක් නොව කලාපයේ සහ ලෝකයේද ගැටලු ඉහළ යාම සිදුවිය හැකි බවයි. එම පිළිගැනීම ද්විපාර්ශවිකව කළ හැකි බවද තලේබාන් සංවිධානයේ අදහසයි.

කෙසේවෙතත් ,තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන මාස දෙකකට අධික කාලයක් ගතවී ඇතත් ඔවුන්ට යම් පිලිගැනීමක් ලබාදී ඇත්තේ චීනය සහ පකිස්තානය පමණයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *