ඇමති මහින්දානන්ද පන්නා දැමූ මහාචාර්ය මාරඹේට එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික වැඩමුළුව ඇමතීමට ආරාධනයක්

එක්සත් ජාතීන්ගේ 2021 දේශගුණික විපර්යාස සමුළුවේ පූර්ව කෘෂි කාර්මික වැඩමුළුවේදි අදහස් දැක්වීමට කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටින ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරාධනා කර තිබේ.

පසුගිය වසර හතක කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි වුවද අදහස් දැක්වීම සඳහා ආරාධනයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව මහාචාර්ය මාරඹේ කීවේය.‍

එම සමුලුවේ දී ඔක්තෝබර් මස 28 ,29 සහ 30 යන තෙදින තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධ වැඩමුළු පැවැත්වෙන අතර 28 වන දින එම වැඩමුළුවේ දී ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතය.‍

වැඩමුළුවෙන් අනතුරුව නොවැම්බර් පළමු වෙනි දින සිට නොවැම්බර් දොළොස්වෙනි දින දක්වා සමුළුව
පැවැත්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *