සිමෙන්ති ගේන්න ඩොලර් නෑ; සංවර්ධන ව්‍යාපෘති කරගෙන යන්න බැරි වෙයි – නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවා - නිමල් සිරිපාල ද සිල්වා
එළැඹෙන පහළොස් වැනිදා වන විට මෙරට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යන්නට නොහැකි වනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. ඇතිව තිබෙන සිමෙන්ති හිගය මත මෙම තත්වය උදාවන බවත් ඔහු පැවසිය.
ශ්‍රී ලංකාවට ඩොලර් නොමැති නිසා සිමෙන්න්ති ආනයනය කිරීමටද ක්‍රමයක් නැති බවත්, දැනට මෙරට අවශ්‍යතාවයෙන් සිමෙන්ති ඇත්තේ 65% ක් පමණක් බවද ඔහු කීය.
ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.