චීන පොහොර නැව ගැන නලින්දගෙන් නව හෙළිදරව්වක්

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ සමීපතම ඥාතියකු වන ලෝලිත අබේසිංහට අයත් චෙලීනා කැපිටල් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

2015ට පෙර චීන ව්‍යාපෘති ගණනාවක උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති ලෝලිත අබේසිංහ මෙම චීන කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිත ධුරයද ලබාගෙන ඇත්තේ එම ප‍්‍රබල ඥාති සම්බන්ධතාව මත යැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්ෂේප කළ කාබනික පොහොර රැගත් නැව වෙනත් නමකින් පසුගිය දින කිහිපයේ හම්බන්තොට වරායට ආසන්න මුහුදු තීරයේ යාත‍්‍රා කරමින් සිට ඇති අතර මේ වනවිට එම නැව ජාත්‍යන්තර නාවික සංඥා පද්ධතියෙන් අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ. මෙම නැව නම වෙනස් කළද ජාත්‍යන්තර නාවික ලියාපදිංචි අංකය වෙනස් කළ නොහැකි නිසා කුමන නමකින් පැමිණියද හඳුනාගත හැකි බව නාවික ක්ෂේත‍්‍රයේ විද්වත්හු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *