සුඛෝපභෝගී වාහන 300කට අධික ප්‍රමානයක් තවමත් වරායේ – වසරකටත් වැඩී

පසුගිය වසරේ ආනයනය කළ, එහෙත් ආණ්ඩුව වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් රට තුළට ගැනීමට නොහැකි වූ සුඛෝපභෝගී වාහන 300කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා පවසයි.

මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග විමසා රේගු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයෙන් ලිපියක් යොමුකර ඇති අතර මුදල් අමාත්‍යංශයෙන් ඒ සඳහා මේ දක්වා පිළිතුරක් ලැබී නැතැයිද ඔහු පවසයි.

පසුගිය වසරේ (2020) මාර්තු මස ‘කොරෝනා’ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව මෙරටට ගෙන්වන වාහන වීම නිසා නීතියට පටහැනිව ආනයනය කර ඇති බවත් ඒ හේතුවෙන් එම වාහන රාජසන්තක කරනවාද නැද්ද යන්න පිළිබඳව රේගුව විමසා තිබේ.

මෙම වාහනවලින් වැඩි සංඛ්‍යාවක් ජපානයෙන් සහ බ්‍රිත්‍යානයෙන් බලපත්‍ර ක්‍රමයට ආනයනය කළ ඒවා වන අතර එම වාහන වසරකට වැඩි කාලයක් වරායේ තිබීම හේතුවෙන් විනාශ වීමේ අවදානමකට පත්ව ඇතැයිද පැවසේ.

මෙම වාහන රුපියල් කෝටි 1000ක පමණ වටිනා බවත් පැවසේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *