’’එක රටක් – එක නීතියක්’’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ඥානසාර හිමි

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර මින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අංක 2251/30 දරන ගැසට් පත්‍රය මගින් පිහිටුවා තිබෙන එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක පත්කර සිටී.

සෙසු සාමාජිකයින් ලෙස මවුලවි මොහෙමෙඩ්, මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, කලීල් රහුමාන්, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල සහ අසීස් නිසාර්දීන් යන පිරිසද පත්කර ඇත.

ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.

ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යයක් බව සඳහන් වේ.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහත සඳහන් සබැඳියෙන් කියවිය හැකිය.

http://documents.gov.lk/files/egz/2021/10/2251-30_S.pdf

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *