කෝටි 12,000 කට අලෙවි වූ IPL නව කණ්ඩායම් දෙකේ හිමිකාරත්වය

කෝටි 12,000 කට අලෙවි වූ IPL නව කණ්ඩායම් දෙකේ හිමිකාරත්වය

කෝටි 12,000 කට අලෙවි වූ IPL නව කණ්ඩායම් දෙකේ හිමිකාරත්වය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02ක හිමිකාරීත්වය සමාගම් 02ක් හිමිකර ගත්තා. ඒ, ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදීයි. පාර්ශව 09ක් ඒ සඳහා ලන්සු ඉදිරිපත් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඒ අනුව RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7, 090කට මිලදී ගත්තා.

සී වී සී කැපිටල් සමාගම ඉන්දීය රුපියල් කෝටි 5,625කට අහමදාබාද් නගරය කේන්ද්‍ර කරගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත්තා. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම නව කණ්ඩායම් 02 එක්වීමත් සමග තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා ඉහළ යනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *