රටවල් 10ක තානාපතිවරුන් පිටුවහල් කිරීමට තුර්කි ජනාධිපතිවරයා පියවර

රටවල් 10ක තානාපතිවරුන් පිටුවහල් කිරීමට තුර්කි ජනාධිපතිවරයා පියවර

රටවල් 10ක තානාපතිවරුන් පිටුවහල් කිරීමට තුර්කි ජනාධිපතිවරයා පියවර

ඇමරිකාව ඇතුළු රටවල් 10ක තානාපතිවරුන් පිටුවහල් කිරීමට තුර්කි ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, පින්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ හා ස්වීඩනයේ තානාපතිවරුන් ඊට ඇතුළත්.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔස්මාන් කවාලා නිදහස් කරන ලෙස එම රටවල් 10යේ තානාපතිවරුන් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් එරට ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අනවසර විරෝධතා පැවැත්වීම හා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ සිදු කිරීම හේතුවෙන් ඔස්මාන් කවාලා වසර හතරකට වැඩි කාලයක් තුර්කි සිර භාරයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තම රටේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට එම රටවල නියෝජිතයින් උත්සාහ දැරීම හේතුවෙන් ඔවුන් පිටුවහල් කළ බවයි තුර්කි ජනාධිපති තයිප් එර්ඩොගන් නිවේදනය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *