බලවතුන් උකුසු ඇසින් බලා සිටින අපේ වටිනා මුහුදු සීමාව

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් 8 ගුණයක් විශාල සාගරයක් හා එහි ඇති සම්පත් අප රටට හිමිව තිබේ.

ඒවගේම අපේ රට පිහිටා තිබෙන #SeaOfSriLanka කලාපය ලොව කාර්ය බහුලම නාවුක ගමනාගමන මාර්ගයේ පිහිටා තිබීම නිසා රටට ඇතිව තිබෙන වටිනාකම විශේෂයි.

අපේ මවුබිමේ භූගෝලීය වශයෙන් ඉතාම වැදගත් පිහිටීම නිසාම ලොව බලවත් රාජ්‍යයන් නිරන්තරයෙන් අපේ රටත් අපේ #SeaOfSriLanka මුහුදු කලාපයත් දෙස බලා සිටින්නේ උකුසු ඇසිනි.

බලවත් රාජ්‍යවල බල අරගලවලින් මිදී නොබැදි පිළිතකින් බලවත් රටවල් සමග කටයුතු කළ යුතුවන්නේ ත් ඒ නිසයි.

ඒ නොබැඳි පිළිවෙතේ වටිනාකම දැන් දිනෙන් දින තහවුරු වෙමින් පවතී.

මෙතෙක් මෙරටට පැමිණී විශාලතම යුද නෞකා සමූහය පෙරේදා දින (24) ළඟාවිය.

පෙරේදා මෙරටට පැමිණියේ ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණයට අයත් යුද නෞකා 6 කි.

නාවික හමුදාව පැවසුවේ මීට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා මහතා ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බවයි.

අද මෙලෙස කොළඹ වරායට ළඟා වුණේ ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝනයට අයත් ෂාදුල් සහ මගර් යන පුහුණු නෞකාවන් ය.

නාවික හමුදාව පැවසුවේ එම නෞකාවන් දිගින් මීටර් 125 ක් වන බවයි.

දිගින් මීටර් 102 ක් වන සුජාත නෞකාව අද මෙලෙස ත්‍රිකුණාමල වරායට ළඟා විය.

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝනයේ පුහුණු රුවල් නෞකා ද්විත්වය වන සුදර්ශිනී සහ තරංගිනී නෞකාවන්ද මේ වනවිට ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබේ.

ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වික්‍රම් පුහුණු නෞකාව ද මේ වනවිට නැංගුරම්ලා තිබෙන්නේ ත්‍රිකුණාමල වරායේයි.

එම නෞකාවේ දිග මීටර් 98 කි.

ඒ අනුව මෙම පුහුණු නෞකා කොළඹදී සහ ත්‍රිකුණාමලයේදී නාවික හමුදාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා එක්වීමට නියමිතව තිබේ.

ඔවුන් දිවයිනෙන් පිටව යන්නේ එළැඹෙන 27 සහ 28 දිනවලදීයි.

අදාල බලඝනයන්ට අයත් නාවිකයින් මෙරට රැදී සිටින කාල සීමාව තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර කලාපයේ බල තරගය පිළිබඳ අවධානය යොමුවන තවත් ප්‍රකාශයක් ඉන්දියාවෙන් වාර්තා විය.

ඒ ප්‍රකාශය සිදුකරනු ලැබ ඇත්තේ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් විසිනි.

චීනය ලොව බලවත්ම රට බවට පත්වීමට දකුණු ආසියාවේ සහ ඉන්දියන් සාගරයේ දැවැන්ත ආක්‍රමණයක් දියත් කරමින් සිටින බව ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රධානියා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක චීනය සිදුකරන ආයෝජන පිළිබඳව අවධානය යොමුකරන ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පෙන්වා දී තිබෙන්නේ භූ දේශපාලනික ගැටලුවලදී ද චීනය තරගකාරී ලෙස කටයුතු කරන බවයි.

මෑත කාලයේදී බංග්ලාදේශයට සහ මියන්මාරයට චීන හමුදා ආධාර වැඩි වශයෙන් ලැබුණු බවත් නේපාලයේ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ , චීන රජය විසින් සැලකිය යුතු ආයෝඡන සිදු කරනු ලැබ ඇති බව ත් මෙහිදී පෙන්වා දී තිබේ.

දකුණු ආසියානු කලාපයේ චීනයේ ආධිපත්‍යය වැළැක්වීමට ඉන්දියාව සිය අසල්වැසියන් සමග පවතින සබඳතා ශක්තිමත් කළ යුතු බව ද ජෙනරල් බිපින් රාවට් අවධාරණය කර තිබේ.

#SeaOfSriLanka කලාපය හෙවත් ශ්‍රී ලංකා හුමුදු කලාපය ඇතුළත් සාගර කලාපයේ නාවික අභ්‍යාස මෙන්ම නාවුක ක්‍රියාකාරකම් බහුල වන අතර චීනය සහ රුසියාව පළමු වරට පැසිෆික් සාගර කලාපයේ යුද්ධ සංචාරයක නිරත විය.

මේ ඒකාබද්ධ මුර සංචාරය සිදුවුණේ ඉන්දියාව ජපානය ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ අමෙරිකාව චීනයට එරෙහිව ඇති කර ගත් කොඩ් සන්ධානයේ ශක්තිය විදහා දැක්වීමට පසුගිය අගොස්තු මාසයේ දකුණු චීන මුහුදේදී පියවර ගත් පසුබිමකදී ය.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ, පසුගිය 17 වැනිදා ආරම්භ වූ චීනය සහ රුසියාව මුර සංචාරය ඊයේ සාර්ථකව අවසන් වූ බවයි.

චීන සහ රුසියානු යුද නෞකා පැසිෆිස් සාගරයේ බටහිර කොටසේ මෙම මුර සංචාරයේ නිරත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙරට අතර නාවික සහයෝගිතාව පුළුල් කිරීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

මීට පෙර ඔක්තෝම්බර් මුල් භාගයේ දී චීනය සහ රුසියාව, ජපාන මුහුදේ නාවික සහයෝගිතා අභ්‍යාසයක ද නිරත විය.

මෙවර මුර සංචාරයේ කොටසක් ලෙස, ජපානයේ ත්සුගරු සමුද්‍ර සන්ධිය හරහා චීන සහ රුසියානු යුද නෞකා එක්ව යාත්‍රා කළ බව, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *