නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේතෙක් 81,353 දෙනකු අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තියත් සමග නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් (26) දින වන විට 81,353 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් (25) උදෑසන 06.00 සිට (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24ක කාලය තුළ පමණක් 13 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

බස්නාහිර පළාත තුළ පිහිටි මාර්ග බාධක 13කදී පළාතෙන් පිටවන වාහන 542 සහ 1,088 දෙනකු ද, බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 684ක් සහ1154 දෙනකු ද (25) පරීක්ෂා කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව නිසි අවසර පත්‍රයක් නොමැතිව මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි වාහන 133ක් සහ 272 දෙනෙක් ආපසු හරවා යැවීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *