විදෙස් රැකියා ආදායම් 32.8%කින් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

විදේශ රැකියාවන්හි විගමණික සේවකයන් විසින් එවනු ලබන විදේශ විනිමය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සතියේ නිකුත් කරන ලද 2021 අගෝස්තු මාසයට අදාළ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ නිවේදනයක් මඟින් දක්වා ඇත්තේ 2020 වසරේ අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 664ක් විදේශ රැකියා නිසා මෙරටට එවා ඇති අතර 2021 අගෝස්තු මාසයේදී එය ඩොලර් මිලියන 447 දක්වා අඩුව ඇති බවයි.

ඒ අනුව ඩොලර් මිලියන 217ක් දක්වා එය 32.8%කින් පහළ වැටී ඇත.

එමෙන්ම 2021 ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා වූ මාස 8 තුළ ගිය වසරේදී ඩොලර් මිලියන 4346ක් මෙරටට එවා ඇති අතර එම මාස අටට අදාළ සමස්ත විදේශ විනිමය එවීම් ප්‍රමාණයද මෙම වසරේදී අඩු වී තිබේ. ඒ අනුව එම අගය ඩොලර් මිලියන 4224 දක්වා පහත වැටී ඇත. එය මාස 8ක කාලයක් තුළ එනම් ඩොලර් මිලියන 122කින් පහත වැටී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *