පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු හොඳම පියවර ගැනීම සඳහා පාප්වහන්සේගේ සහය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට ගතයුතු හොඳම ඉදිරි පියවර ගන්නා ලෙස අතිඋතුම් ෆ්‍රැන්සින් ශුද්ධෝත්තම පාප්වහන්සේ මෙරට කාතෝලික සභාවට දැනුම් දී තිබෙනවා.

එහිදී පාප්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඊට තමන් සහාය පළ කරන බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට උන්වහන්සේ විසින්ම ලියන ලද ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත්තේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක විමර්ශන සහ මෙරට කතෝලික සභාව ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සංවාදයක් (23) සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා තිබුණා.

එම සංවාදය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ඉතාලිය ඇතුළු යුරෝපා රටවල වැසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී ඇත.

එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාප්වහන්සේට යැවූ ලිපියකට උන්වහන්සේ එවන ලද පිළිතුරු ලිපියක් කාදිනල් හිමිපාණන් මාධ්‍යයට ඉදිරිපත් කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *