එලෝන් මස්ක්ට ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වීමේ අවස්ථාවක් – මෝර්ගන් ස්ටර්ලි බැංකුව

ඩො. බිලියන 6කින් ලෝකයේ කුසගින්න නැති කළ හැකි බව UN ඔප්පු කළොත් TESLA කොටස් විකුණා මුදල් දෙනවා - එලෝන් මස්ක්

ඩො. බිලියන 6කින් ලෝකයේ කුසගින්න නැති කළ හැකි බව UN ඔප්පු කළොත් TESLA කොටස් විකුණා මුදල් දෙනවා - එලෝන් මස්ක්

සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් විසින් ක්‍රියාත්මක කර ඇති ටෙස්ලා සහ ස්පේස් එක්ස් ව්‍යාපෘතිවල සාර්ථකත්වයත් සමග ඔහු ඉතාමත් නුදුරේදීම ලොව පළමුවැනි ට්‍රිලියනපතියා බවට පත්වීමේ අවස්ථාවක් පවතින බව එක්සත් ජනපද ආයෝජන බැංකුවක් වන මොර්ගන් ස්ටැන්ලි පවසයි.

විශේෂයෙන්ම මස්ක්ගේ විදුලි වාහන නිෂ්පාදන අංශය වන ටෙස්ලා මෝටර් රථ සමාගම මගින් සිදුකරන නිෂ්පාදන බලාපොරොත්තු නොවූ ආකාරයේ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති බවත්, පසුගියදා සිදුකෙරුණු සාර්ථක SpaceX අභ්‍යවකාශ මෙහෙයුමත් සමග ඒ පිළිබද වන ජනතා ආකර්ෂනයද ඉහළ ගොස් තිබීම මේ සඳහා හේතුව බවත් මෝර්ගන් ස්ටර්ලි බැංකුව සදහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම එලෝන් මස්ක්ගේ ස්පේස්එක්ස් ව්‍යාපෘතිය NASA ආයතනය සමග ඒකාබද්ධව ව්‍යාපෘති කිහිපයකට තම දායකත්වය ලබාදී තිබෙන අතර, අඟහරුමත ජනාවාස ඇති කිරිම් ව්‍යාපෘතියට ඇතුළත්වෙයි. ඒ හරහා අගහරු මතට වර්යානා සහ දත්ත රැස්කිරීමේ උපක්‍රම සිදුකිරීම සැලසුම වී තිබේ. මේ අතර මීට පෙර මස්ක් විසින් සිදු කර ඇති අනාවරයකට අනුව වසර 2050 වනවිට සිය සමාගම හරහා මිනිසුන් මිලියන ගණනින් අගහරු වෙත යැවීමත් අපේක්ෂාව බව පවසා තිබුණි. ඒ හරහා අගහරු මත ස්වයං-තිරසාර නගරයක් බිහිකිරීමේ සැලසුමද ඔහු සතුව ඇතැයි පවසයි.

බිලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මෙම අභ්‍යවකාශ ගවේෂණ සමාගම් වර්ධනය වත්කම් 17%කින් වර්ධනය කරමින් ඩොලර් බිලියන 240ක් බවට පත්කිරීමට හේතුව වී තිබේ. එහිදී එම සමාගම ද්විතියක කොටස් අලෙවියේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 100ක අගයකට පත්ව තිබේ.කෙසේ වෙතත් මස්ක්ගේ මෙම වත්කම් වර්ධනයට මූලිකම ප්‍රභවය බවට ටෙස්ලා පත්වනු ඇති බවත්, එය ඔහුගේ වටිනාකමෙන් 74%කට දායකත්වය ලබාදෙනු ඇති බවත් ස්ටැන්ලි මෝර්ගන් බැංකුව පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.14ක් බවට පත්වනු ඇති බව මෙහිදී පුරෝකථනය කෙරී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *