නාමල් රාජපක්ෂ මෝඩිට භගවත් ගීතාව ප්‍රදානය කරයි

ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත .

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ඊයේ පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භගවත් ගීතාවේ ඉංග්‍රීසි , සිංහල හා දෙමළ පරිවර්තනයේ  පළමු පිටපතද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වනු ලැබීය.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවේ පවසා ඇත.

මේ හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම , අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය නිල ට්විටර් ගිණුමට සටහනක් ද එක් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *