“Thank God” – යොහානි බොලිවුඩයට

යොහානි බොලිවුඩයට

යොහානි බොලිවුඩයට

බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වෙමින් ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගේ ගායනයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් “මැණිකේ මගේ හිතේ” ගීතයේ හින්දි අනුවාදය උපයෝගී කරගෙන සිනමා පටයක් නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත.

ප්‍රකට බොලිවුඩ් නළු අජේ දේව්ගන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වන මෙම සිනමා පටය “Thank God” යනුවෙන් නම් කොට තිබේ.

මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ. සංගීතය සහ අයිතිය චමත් සංගීත් සතුය.

බොලිවුඩ් වාර්තා අනුව “මැණිකේ මගේ හිතේ” විශේෂ හින්දි අනුවාදයේ සංගීත නිර්මාණය සිදු කරනු ලබන්නේ තනිශ්ක් බග්චි විසිනි. හින්දි පද බැඳුම රශ්මි විරාග් විසිනි.

ඉන්ද්‍ර කුමාර් විසින් “Thank God” සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලැබේ. නිෂ්පාදනය භුෂන් කුමාර් විසිනි.

“මගේ ගීතයේ හින්දි අනුවාදයක් සිනමාපටයට ඇතුලත් කිරීම ගැන භුෂන් කුමාර් සහ ඉන්ද්‍ර කුමාර් ඇතුළු “Thank God” සමස්ත කණ්ඩායමට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම ළඟදීම ඉන්දියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා,” යනුවෙන් යොහානි මේ ගැන අදහස් දක්වා තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *