යුගදනවි ගිව්සුමට එරෙහිව කාදිනල් හිමි හා ඇල්ලේ හිමිගෙන් පෙත්සමක්

යුගදනවි ගිව්සුමට එරෙහිව කාදිනල් හිමි හා ඇල්ලේ හිමිගෙන් පෙත්සමක්

යුගදනවි ගිව්සුමට එරෙහිව කාදිනල් හිමි හා ඇල්ලේ හිමිගෙන් පෙත්සමක්

කෙරවළපිටිය, යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම, එහි කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු නම් කර ඇත.

අදාළ පෙත්සම මගින් පෙත්සම්කාර පාර්ශවය පෙන්වාදී ඇත්තේ, යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්තිසහගත නොවන බය. එමෙන්ම, අදාළ තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද පෙත්සම්කරුවන් එමගින් පෙන්වා දී තිබේ. තවද එම කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර අමෙරිකානු සමාගම සතු වීමේ අවදානමක් මතුව තිබෙන බවද පෙන්වා දී ඇත.

ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවය.

ඒ හේතුවෙන්, අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර පාර්ශවය වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *