ලංකා IOCය ලාභ ලබද්දී තෙල් සංස්ථාව පාඩු ලබයි

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20කට දීර්ඝ කරයි

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20කට දීර්ඝ කරයි

මෙරට ඉන්ධන අලෙවියේ නිරත සමාගමක් වන ලංකා IOC සමාගම 2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු සහ අවසාන ලාභාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව එක් කොටසකට සත 85ක ලාභාංශයක් නිවේදනය කර ඇත.

2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. මිලියන 876.74ක බදු ගෙවීමෙන් පසු ලාභයක් ලංකා අයි.ඕ.සී. සමාගම වාර්තා කර තිබුණු අතර 2021 වසරේ අප්‍රේල් – ජූනි කාර්තුව තුළ පමණක් සමාගම ලබා තිබූ ලාභය රු. මිලියන 273කි.

කෙසේ වෙතත් පසුගියදා (11) පැවති මාධ්‍ය හමුවක දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟම පසුගිය අගෝස්තු මාසයේ 31 වනවිට රු. බිලියන 70ක අලාභයක් ඛනිජ තෙල් සංස්ථාවට විඳීමට සිදුව ඇති බවයි.

“ඉන්ධන මිල ඉහළ දැමුවේ ජුනි මාසේ 11 වෙනිදා. ඒ අවස්ථාව වෙන කොට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පෙට්‍රල් 92, ඩොලර් 78.8යි. ඩීසල් 76.7ක් තමයි තිබුණේ. අද වෙනකොට පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 92ක් බවට පත්වුණා. ඩීසල් 92.67කට ඉහළ ගිහිං තියෙන්නේ. මෙම තෙල් මිල ඉහළ යාමත් එක්ක අද වෙන කොට පෙට්‍රල් ලීටරයකින් රු. 14.56ක පාඩුවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබනවා. එසේම ඩීසල්වලින් රු. 31.46කින් වැඩිවෙලා තිබෙනවා අලාභය. මෙම තෙල් මිල ඉහළ යාමත් එක්ක අගෝස්තු මාසයේ 31වෙනිදා වෙන කොට රු. බිලියන 70ක පාඩුවක් අපි ලබනවා. ඒ නිසා ඛනිජ තෙල් සංස්ථාව මේ වගේ අවස්ථාවක දී සිදුකළ යුතු ප්‍රධාන කාරණාව තමයි ඉන්ධන මිල ඉහළ දැමීම“, යනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් 2012 දෙසැම්බර් 17 දින මෙම ලාභාංශ සිය කොටස්කරුවන් හට ගෙවීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *