ජාත්‍යන්තර බදු ගිවිසුමට අපි අත්සන් නොකරමු – ශ්‍රී ලංකා රජයෙන් දැනුම් දීමක්

ජාත්‍යන්තර බදු ගිවිසුමට අත්සන් නොකරන බව ශ්‍රී ලංකා රජය දැනුම් දී ඇත.

ආර්ථික සහයෝගිතා හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (The organization for Economic Co – operation and Development) මෙම ගිවිසුම ක්‍රියාත්මක කරයි.

මෙම සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 140 කින් රටවල් 136 ක් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව, පාකිස්තානය, නයිජීරියාව සහ කෙන්යාව යන සාමාජික රටවල් පමණක් මෙම ගිවිසුමට අත්සන් තබා නොමැත.

මෙම ගිවිසුම මගින් නොයෙකුත් බහුජාතික සමාගම්වලින් අවම වශයෙන් සියයට 15 ක බද්දක් අය කළ හැකි බව සඳහන් වේ.

ලෝකයේ විවිධ රටවල විවිධ බහුජාතික සමාගම්වලින් එකතු කරන බදු මුදලේ වෙනස්කම් දක්නට ලැබීම හේතුවෙන් නිශ්චිත ප්‍රමාණයකින් බදු එකතු කිරීම සඳහා මෙම ගිවිසුම හඳුන්වා දී ඇත.

මෙම ගිවිසුමේ ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 90 ක දායකත්වය දෙන සියලුම රටවල් මෙම ගිවිසුම අත්සන් තබා ඇති බව සඳහන් වේ.

මෙම රටවල ක්‍රියාත්මක වන 100 කට අධික බහුජාතික සමාගම් වාර්ෂිකව ඩොලර් බිලියන 125 ක් පමණ රටවල්වලට බදු වශයෙන් ගෙවති.

ඒ ඒ රටවල සාධාරණ බදු මුදලක් මෙම බහුජාතික සමාගම් ගෙවීම ස්ථිර කිරීමේ අරමුණින් මෙම බදු ප්‍රතිපත්තිය හඳුන්වා දී ඇත.

ජී 20 සංවිධානයේ සාමාජිකත්වය දරන බලවත් ආර්ථිකයක් ඇති සියලුම රටවල් මෙම ගිවිසුම අත්සන් කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 ක් පමණක් තවමත් මෙම ගිවිසුමට අත්සන් තබා නොමැති බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *