ආණ්ඩුව කරගෙන යා යුතු ආකාරය ගැන රනිල් කියයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බව මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු රජයට පිළිගැනීමට සිදු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා දින (10) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා‍,

“ඇමතිවරු මුණගැසුණු අවස්ථාවේ දී ජනාධිපතිතුමා පිළිගත්තා එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි. ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුද්ද තියෙන අනෙක් කැබිනට් ඇමතිවරු ඔක්කෝම එකතුවෙලා සාමූහිකව වැඩකටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 සංශෝධනය අසාර්ථකයි කියලා. ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයටත් කොවිඩ්වලටත් ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකද්ද ඒකේ ප්‍රතිඵලය. ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන එක හොඳයි.ඒක කරන්න තියෙන්නේ 20 සංශෝධනය අහෝසි කරලා ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යන්න.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *