මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති, මට අත්දැකීම් අඩුයි, අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි – ජනපති

මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති, ස්වයං විවේචනයක් තුළ එකතුවෙලා වැඩ කරමු; මට අත්දැකීම් අඩුයි, අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි - ජනපති

මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති, ස්වයං විවේචනයක් තුළ එකතුවෙලා වැඩ කරමු; මට අත්දැකීම් අඩුයි, අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි - ජනපති

පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

තවද තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. එනිසා වසර 60ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා තිබේ. තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *