ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළට

ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළට

ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළට

ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 10කින් සහ සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,098 දක්වා රුපියල් 93කින් ඉහළ දමා තිබේ.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝගෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 984 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,840 කි. ලාෆ්ස් ගෑස් සමාගමේ කිලෝගෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,136 ක් දක්වා ඉහළ දමා ඇත්තේ, රුපියල් 393කින් ය.

මේ අතර ලිට්‍රෝ සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේ, රුපියල් 1,493ක් පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,750 දක්වා ඉහළ දැමූ බවය. එය රුපියල් 1,257ක මිල වැඩිවීමකි. රුපියල් 598ක් ව පැවති කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,101ක් දක්වා ඉහළ දමා ඇත්තේ, රුපියල් 503 කිනි. රුපියල් 289 ක් ව පැවති කිලෝග්‍රෑම් 2.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520 ක් දක්වා ඉහළ දමා තිබේ. එය රුපියල් 231 ක මිල වැඩිවීමකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *