විදෙස් සංචාරකයින්ට සියලු පුරාවිද්‍යා ස්ථාන නරඹන්න ඔන්ලයින් ක්‍රමයට ටිකට් පතක් නිකුත් කිරීමට යයි

ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා සියලූම පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට මාර්ගගත ක‍්‍රමයට එක් ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත්කිරීමට සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත්කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අගමැතිවරයාට අරලියගහ මන්දිරයේ දී භාරදුන් අවස්ථාවේදී අගමැතිවරයා මෙම උපදෙස් දී තිබේ.

එමෙන්ම එම වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රිරයාත්මක කරන ලෙස ද උපදෙස් දී ඇති අගමැතිවරයා, වාර්තාවේ ඇතුළත් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල හා එහි අරමුණු සාක්ෂාත් කර වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි ද
සඳහන් කර ඇත.
එකම ප‍්‍රදේශයක තිබෙන කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප්‍රවේශ පත‍්‍ර කිහිපයක් ලබා ගැනීමට සිදුවීමෙන් දේශීය සංචාරකයන් ද විවිධ අපහසුතාවලට ලක්වන බව පෙන්වාදී ඇති අගමැතිවරයා යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවාරණය වන පරිදි එක් ප‍්‍රවේශපත‍්‍රයක් සාධාරණ මිලකට හඳුන්වාදෙන ලෙසට උපදෙස් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *