“නිරූපමා රාජපක්ෂ = මහින්ද, නිරූපමා රාජපක්ෂ = ගෝඨාභය, නිරූපමා රාජපක්ෂ = නාමල් රාජපක්ෂ” – තුෂාර ඉඳුනිල් සමීකරණය

"නිරූපමා රාජපක්ෂ = මහින්ද, නිරූපමා රාජපක්ෂ = ගෝඨාභය, නිරූපමා රාජපක්ෂ = නාමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ= බැසිල් රාජපක්ෂ" - තුෂාර ඉඳුනිල් සමීකරණය

"නිරූපමා රාජපක්ෂ = මහින්ද, නිරූපමා රාජපක්ෂ = ගෝඨාභය, නිරූපමා රාජපක්ෂ = නාමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ= බැසිල් රාජපක්ෂ" - තුෂාර ඉඳුනිල් සමීකරණය

හිටපු ජනපතිවරුන් අගමැතිවරුන් රජවරුන් හා රාජ්‍ය නිලධාරීන් 300 දෙනකුගේ කළු සල්ලි පිළිබඳව තොරතුරු හෙලිදරව්වූ පැන්ඩෝරා පේපර්ස්  සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න කිරීම් නිසා මැතිසබේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ විදේශ ගිණුමක ඇමරිකානු ඩොලර් මිලියන 163ක් තිබී හමුවී ඇති බවත් මේ සිද්ධිය ඒ ගැන පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මේ ගැන පරීක්ෂණ පැවැත්වීමට පැමිණිලි අවශ්‍ය නැති බවත් හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ මෙම ගිණුම සම්බන්ධයෙන් රාජපක්ෂ යන නමක්ද සඳහන් වන බවත් අපේ රටේ නායකයන්ට සමාන නමක් ඇති විට ඒ ගැන ලැජ්ජාවක් ඇතිවන බවත්ය. මේ මුදල් ඇති අයගේ වත්කම කොපමණද කියනවා නම් දිනකට රුපියල් ලක්ෂයක් වියදම් කළ හොත් ඔවුනට අවුරුදු නව සීයක් ජීවත් විය හැකි බවද, නිරූපමා රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ ඥාතිවරියක බවත් මල්වානේ ඉඩමේ කටයුතු සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු කළේද නිරූපමා රාජපක්ෂගේ ස්වාමියාවන තිරු නඩේෂන් බවත් තුෂාර ඉඳුනිල් මහතා කීවේය.

ඒ අනුව අපට සමීකරණයක් ගොඩනැගෙන බවත් නිරූපමා රාජපක්ෂ සමානයි මහින්ද නිරූපමා රාජපක්ෂ සමානයි ගෝඨාභය, නිරූපමා රාජපක්ෂ සමානයි නාමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ සමානයි බැසිල් රාජපක්ෂ එම සමීකරණය බවත්, මෙය අපේ රටට බරපතළ මඩ පැල්ලමක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බාධා එල්ලවීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මේ චෝදනාව ගැන පාකිස්තානයේ ඉම්රාන් ඛාන් මහතා පරීක්ෂණ ආරම්භ කළ බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ශ්‍රී ලංකා  රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ 2015දී මෙන් රාජපක්ෂ පවුලට මඩ ගැසීමේ සුපුරුදු ව්‍යාපාරය නැවතත් ආරම්භ කර ඇති බවයි. මේ සියලු දේවල් ඔප්පු කරගත හැකි දේවල් නොවන බවත් මේවා කිසිදු පදනමක් නොමැති චෝදනා බවත් ඔහු කීවේය.

පාලිමේන්තුව මඩ ගැසීමට භාවිතා කිරීම වැරදි යයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එදා පැනමා පේපර්ස්වල තිබුණු සල්ලි කාගේ ඒවාදැයි මෙහිදී ප්‍රශ්න කළ සේමසිංහ මහතා ෆේස්බුක්වල තියෙන බොරු අල්ලගෙන මෙතන කෑගැසීම පලක් නොවන බවද පැවසීය.

මේ අවස්ථාවේදී හර්ෂ ද සිල්වා සහ ශෙහාන් සේමසිංහ අතර උණුසුම් කතාබහක් ඇති විය.

මෙහිදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා” ඔබේ ඇඟේ විදිහට මොළේ  තිබුණ නම් මෙහෙම කතා කරන එකක් නැහැ “යැයි පැවසුවේය.

මේ අවස්ථාවේදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා රන්ජිත් මද්දුම බණ්ඩාරට බැන වදිනු දක්නට ලැබිණ.

පැන්ඩෝරා රශ්නය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාද කතා කළේය.

මෙහිදී චමින්ද විජේසිරිගේ ඒ කතාවට ප්‍රතිචාර දැක්වූ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පැවසුවේ කතානායකවරයාගෙන් අවසරයක් ලබාගතහොත් ඊට තමා ඕනෑම මොහොතක පිළිතුරු දීමට සූදානම් බවයි. 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *