අල්ලාහ් දෙවියන්ට පස්සෙ අම්පාරේ මුස්ලිම් වැසියන් අදහන එකම දෙවියන් සරත් වීරසේකර ලූ
![අල්ලාහ් දෙවියන්ට පස්සෙ අදහන එකම දෙවියන් සරත් වීරසේකර කියලා. ඒ වගේ තමයි මම මුස්ලිම් අයට උදව් කරලා තියෙන්නෙ -සරත් වීරසේකර](https://srihanda.lk/wp-content/uploads/2021/10/සරත්-වීරසේකර1.jpg)
අල්ලාහ් දෙවියන්ට පස්සෙ අදහන එකම දෙවියන් සරත් වීරසේකර කියලා. ඒ වගේ තමයි මම මුස්ලිම් අයට උදව් කරලා තියෙන්නෙ -සරත් වීරසේකර
ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන්ට සිටින්නේ එකම දෙවියෙකි. ඒ, අල්ලාහ් දෙවියන්ය. අල්ලාහ් දෙවියන් හැර ඉස්ලාම් ආගමිකයන්ට වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. ඒ තබා බෞද්ධයන්, හින්දූන්, කතෝලිකයන් මෙන් පිළිම, ගස්-ගල් හෝ සුරුවම් හෝ අදහන්නේ නැත.
සරත් වීරසේකර මහතාමය (30) පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක උදෑසන වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඔහු සඳහන් කළේ
ඔහුගේ වචනවලින් කියන්නේ නම්, ‘මේ වගේ ජනප්‍රිය, රටම දන්න වැඩසටහනකදි බොරු කියන්න බෑ. අම්පාර පැත්තෙ සමහර මුස්ලිම් ජාතිකයො මට කියලා තියනවා, අල්ලාහ් දෙවියන්ට පස්සෙ අදහන එකම දෙවියන් සරත් වීරසේකර කියලා. ඒ වගේ තමයි මම මුස්ලිම් අයට උදව් කරලා තියෙන්නෙ.’
තමන්ට දෙවියෙකුට මෙන් සළකන අම්පාරේ මුස්ලිම් වැසියන්ට පිටුපා, තමන්ගේ අනුගාමිකයන්ට පිටුපා පසුගිය මහ මැතිවරණයේදී සරත් වීරසේකර දෙවියන් කොළඹට පැන්නේ ඇයිද යන්න බරපතල ගැටලුවකි.