51%ක් අදානි සමාගමට, කොළඹ වරායේ බටහිර පර්යන්ත ගිවිසුම අස්සන් කරයි

51%ක් අදානි සමාගමටත්, 34%ක් ජෝන් කිල්ස් සමාගමටත්, 15%ක් වරාය අධිකාරියටත් හිමිවන කොළඹ වරායේ බටහිර පර්යන්ත ගිවිසුම අස්සන් කරයි
කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට (30) දිනයේදී ඉන්දීය අදානි සමාගම හා ශ්‍රී ලංකා පාර්ශවය අතර වූ ගිවිසුමට අස්සන් තැබීමට පියවර ගෙන ඇත.
මෙහි දේශීය ආයෝජකයන් වශයෙන් කටයුතු කරන්නේ ජෝන් කීල්ස් සහ වරාය අධිකාරිය වේ. මෙම ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700කි. ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ පැවරීම හෙවත් BOT ක්‍රමයට අනුව බටහිර පර්යන්තයේ මෙම සංවර්ධන කටයුතු සිදුවීමට නියමිතය.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට කොළඹදී අත්සන් කර තිබේ.
වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව අප කළ විමසීමකදී වරාය හා නාවික අමාත්‍යාංශය තහවුරු කළේය.
වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිතය.
මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද (30) බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34ක් ජෝන් කිල්ස් සමාගමටත්, සියයට 15ක් වරාය අධිකාරියත් හිමිවනු ඇති.
ගිවිසුම අස්සන් තබන ආකාරය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් සජීවීව අන්තර්ජාලය ඔස්සේ නැරඹූ අයුරු පහත ජායාරූපවල පළවේ.