වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා “ළමා සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක්”

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා "ළමා සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක්"

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා "ළමා සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක්"

අපරාධවලට ගොඳුරු වූ දරුවන් අධිකරණවලට නොගෙන්වා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා ‘ළමා සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක්” (01) රාගම පොලිසියේ ‘ළමා පියසේදී’ විවෘත කෙරිණී.

ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ මෙම වැඩසටහන මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ළමා අයිතීන් තහවුරු කිරිම සදහා ළමුන් සම්බන්ධ නඩුවලදී පුද්ගල සාක්ෂි වෙනුවෙනට විද්‍යාත්මක සාක්ෂිවලට මුල්තැන ලබා දෙමින් 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) මගින් ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම ඒකකය මගින් සිදුකෙරුණු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ළමා ආරක්ෂණ අධිකාරියේ පමණක් තිබූ මෙම සාක්ෂි පටිගත කිරීමේ ක්‍රමවේදය මින් ඉදිරියට දිවයිනේ සෙසු පළාත්වලට ද ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මේ අනුව ඉදිරියේ ’ධධඵ තාක්ෂණය ඔස්සේ වින්දිත දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීම සිදු කිරීමට නියමිතව ඇති අතර කොළඹ මෙට්රෝපොලිටන් රොටරි සමාජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධණ වැඩසටහන මේ සදහා දායකත්වය ලබා දී ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සව අවස්ථාව සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිරන, අපරාධ හා රථවාහන ජේෂ්ඨ නියෝජ්යය පොලිස්පති අජිත් රෝහණ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ යන මහත්ම මහත්මීන් රැසක්ද සහභාගී විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *