“චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටුවා නෑ”. අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් නිවැරදි කිරීමක් කරයි

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර 70%ක් හා කාබනික පොහොර 30%ක් - කෘෂිකර්ම මහාචාර්යවරුන්

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර අහිතකර බැක්ටීරියා සහිත සාම්පල් එවූ චීන සමාගමෙන් පොහොර මිලදී ගැනීම පමණක් අත්හිටුවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කරයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

හදිසි නිවැරදි කීරිමයි

“චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම ඇමති කියයි” යන සිරස්තලය යටතේ අප විසින් යොමු කර ඇති මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ චීනයේ සමාගමක් විසින් එවා ඇති සාම්පල්වල අහිතකර බැක්ටීරියාවන් ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බවය.

එ අනුව චිනයෙන් කාබනික පොහාර ආනයනය නතර කීරිමට රජය තින්දුවක් ගෙන නොමැති බවද එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කර නැති බවද මෙහිලා සදහන් කරන අතර අපගේ මාධ්‍ය නිවේදනයේ චිනයෙන් පොහොර ආනයනය නතර කරන බවට සදහන් වැකිය චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම ඇමති කියයි යනුවෙන් නිවැරදි විය යුතු බවද කාරුණිකව දන්වමි.

මේ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වුයේ නම් බෙහෙවින් කණගාටු වෙමි.

ජයසූරිය උඩුකුඹුර
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *