රට විවෘත කළ පසු සේවයට කැඳවීමට රජයෙන් ක්‍රමවේදයක්

දැඩි නීති පනවනවාද? ලොක්ඩවුන් එකකට යනවාද? පවතින තත්ත්වයත් එක්ක තීරණයක් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැඩි නීති පනවනවාද? ලොක්ඩවුන් එකකට යනවාද? පවතින තත්ත්වයත් එක්ක තීරණයක් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර තිබේ .

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද දහවල් පැවැති අතර ,කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වූහ.

ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ .

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත .

මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *