(VEDIO)ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරවයි – කම්සි ගුනරත්නම්

(VEDIO)ශ්‍රී ලංකාව වර්ජනය කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය නොවේ; යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරවයි - කම්සි ගුනරත්නම්

(VEDIO)ශ්‍රී ලංකාව වර්ජනය කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය නොවේ; යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරවයි - කම්සි ගුනරත්නම්

ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නැයි තමන් නෝර්වේජියාවේ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කම්සි ගුනරත්නම් මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් මහත්මිය නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය(26) ඒ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාව වර්ජනය කිරීම ඉදිරියට යා යුතු ක්‍රමවේදය යැයි තමන් නොසිතන බවද ඇය එහිදි කීවා ය.

“වර්ජනය කිරීම ගැන මම විශ්වාස කරන්නේ නැහැ. ආයෝජන තියෙන්න අවශ්‍ය යි. ශ්‍රී ලංකාව තුළ රැකියා නිර්මාණය වෙන්නේ ආයෝජනවලින් පමණක්” යැයි ද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

සාකච්ඡා සඳහා ආරාධනා කළහොත් තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට ද සූදානම් යැයි ගුනරත්නම් මහත්මිය කීවාය.

වෙළෙඳාම, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍රවලින් නෝර්වේ රාජ්‍ය ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු යැයි ද ඇය පැවැසුවාය.

නෝර්වේ රාජ්‍යයට ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා තමන් පක්ෂ නායකත්වය, නෝර්වේ විදේශ අමාත්‍යවරයා, සහ ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බවද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් තමන්ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු යැයි ඉල්ලා සිටින බවත් ගැටලුවලට පිළිතුරු නොමැතිව ගැටලුවවලට නිමාවක් හෝ සමාප්තියක් නොමැති බවද ඇය කීවාය.

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ බාහිරව බවත් එය අභ්‍යන්තරයෙන් සිදු නොවිය යුතු බවත් ඇය එම මාධ්‍ය හමුවේදී පැවැසුවාය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය හොඳම විසඳුම තීරණය කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් බවත් විදේශ රටක් එය තීරණය නොකළ යුතු බවත් ඇය කීවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *