අයිස්ලන්තය යුරෝපයේ බහුතර කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුවට හිමිකම් කියයි

අයිස්ලන්තය යුරෝපයේ බහුතර කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුවට හිමිකම් කියයි

අයිස්ලන්තය යුරෝපයේ බහුතර කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුවට හිමිකම් කියයි

බහුතර කාන්තා නියෝජනයකින් යුක්ත පාර්ලිමේන්තුවක් සහිත යුරෝපයේ පළමු රට බවට අයිස්ලන්තය පත්ව තිබේ.

අයිස්ලන්තයේ මහ මැතිවරණයට අදාළ අවසන් ඡන්ද ප්‍රතිඵල පදනම් කරගෙන සකස් කළ පුරෝකථන අනුව ආසන 63කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 33ක් කාන්තාවන් විසින් දිනා ගනු ලැබ තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල කාන්තා නියෝජනය 52%කි.

අයිස්ලන්තයේ අග්‍රාමාත්‍ය ධූරය දරන්නේ ද, කැත්රින් ජකෝබ්ස්ඩො‌ටීර් නමැති කාන්තාවය.

මෙම ආසන සංඛ්‍යාව 2017 වසරේ පැවති මහ මැතිවරණයේදී කාන්තාවන් ලබා ගත් ආසන සංඛ්‍යාවට වඩා ආසන 9ක ඉහළ යාමකි.

යුරෝපයේ වෙනත් කිසිදු රටක පාර්ලිමේන්තුවක 50% ඉක්මවූ කාන්තා නියෝජනයක් නොමැති අතර ඊට ආසන්නයේ පසු වන ස්වීඩනයේ පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 47%කි.

ලෝකයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව හිමි රට වන්නේ රුවන්ඩාවයි. එහි කාන්තා නියෝජනය 61.3%කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *